යුරෝපයට මත්ස්‍ය නිශ්පාදන යැවීමට පැය 24 පුරා ක්‍රියාත්මක සේවාවක්


ශ්‍රී ලංකාවෙන් විශේෂයෙන් යුරෝපා සංගමයේ රටවල් වෙත අපනයනය කෙරෙන මත්ස්‍ය නිෂ්පාදන සදහා අවශ්‍ය 
" ස්වස්තතා සහතික " ( Health Certificate ) නිකුත් කිරීම සදහා දවසේ පැය 24 පුරා ක්‍රියාත්මක කාර්යාලයක් කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ ගැල් ගම්මානයේ 01/26 දින පස්වරුවේ ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද සහ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා යන මහත්වරුන් විසින් විවෘත කිරීම සිදු විය .

යුරෝපා සංගමයේ රටවල් 28 ක් වෙත ශ්‍රී ලංකාවෙන් මත්ස්‍ය නිෂ්පාදන අපනයන කරන අතර ඒවා නීත්‍යානුකූලව නිෂ්පාදනය කර ඇති බව මෙම " ස්වස්තතා සහතිකය " මගින් සනාථ කිරීම සිදු කෙරේ.

 එහිදී නිවැරැදි යෝග්‍ය  දැල් ආම්පන්න භාවිතා කිරීම , ලියාපදිංචි ධීවර යාත්‍රා භාවිතා කිරීම , නීත්‍යානුකූලව අනෙක් අසල්වැසි රටවල මුහුදු සීමා උල්ලංඝනය කරමින් මසුන් නොමැරීම , රජයේ ලියාපදිංචි ධීවරයින් මෙම මසුන් මැරීම සදහා සහභාගී වීම යනාදී කරුණු මෙම ස්වස්තතා සහතික මගින් යුරෝපා රටවලට සහතික කර ප්‍රකාශ කර සිටී .

මෙම කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට ධීවර සහ ජලජ සම්පත් අමාත්‍ය ඩග්ලස් දේවානන්ද , රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා , එම අමාත්‍යාංශයේ ලේකම් කුමාරි සෝමරත්න මහත්මිය , එම අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත ඇතුළු උසස් නිලධාරීන් පිරිසක් පැමිණ සහභාගී වී සිටියහ.



Recommended Articles